Posts

Showing posts from April, 2017
Image
ඉතිහාසය  සිසුන් නිශ්චිත ස්ථානයකට එක්තැන් කර අධ්‍යාපනය ලබාදීම පිළිබඳ අදහස පුරාණ සම්භාව්‍ය අවධියේ සිට පැවතෙන්නකි. අඩු තරමින් පුරාණ ග්‍රීසිය, රෝමය, ඉන්දියාව සහ චීනය තුළ විධිමත් පාසල් පැවති බවට සාක්ෂි ඇත. බයිසැන්තියානු අධිරාජ්‍යය ප්‍රාථමික මට්ටමේ පටන් ඇරඹුණු ආයතනගත වූ අධ්‍යාපන පද්ධතියකට හිමිකම් කියා ඇත. Traditions and Encounters නම් මූලාශ්‍රයට අනුව ප්‍රාථමික අධ්‍යාපන පද්ධතිය ක්‍රි.ව. 425දී ස්ථාපිත කර ඇති අතර සාමාන්‍යයෙන් සොල්දාදුවකු අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සපුරා තිබිණි. අතැම් අවස්ථාවන්හි කාර්යක්ෂම වූ මෙන් ම බොහෝවිට දැවැන්ත ද වූ අධිරාජ්‍යයේ පරිපාලන ව්‍යුහය උගත් පුරවැසියන් බහුතරයක් වූ බවට සාක්ෂි දරයි. ආක්‍රමණකාරීත්වයන්ට මුහුණදීමට ගත් සිය ප්‍රයත්නයේ දී රෝමානු සංස්කෘතියේ සමෘද්ධිමත්බව මෙන් ම මහඟුබව ද බයිසැන්තියමට බොහෝසෙයින් අහිමිවුණ ද, ඔවුහු සිය යුධ අත්පොත්වල නිපුණත්වයේ වටිනාකම ඉස්මතු කර ඇත. ක්‍රි.ව. 1453දී අධිරාජ්‍යයේ බිඳවැටීම තෙක් ම බයිසැන්තියානු අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩ ව ක්‍රියාත්මක විය.මුල් මධ්‍ය අවධීන්හි දී අනාගත පූජකයන් සහ පරිපාලකයන් බිහිකිරීම අරමුණු කරගනිමින් බටහිර යුර...
Image
පෙර පාසල් පෙර පාසල්  අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත. පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක පරිපාලනය, පන්තියේ ප්‍රමාණය, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය,ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය, ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඇගයුම් ආශ්‍රිත ප්‍රමිතිය, අධ‍ය්‍යාපන පාටිපාටිය,අධ්‍යාපනික ඇගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ්‍යාපනිකව වැදගත්වු ප්‍රතිථල ලබාදෙන සංරචක ඇතුලත් කර ඇත. පෙර පාසල් ඉතිහාසය 90 දශකයේ දී යුරෝපීය අධ්‍යාපනඥයන් විසින් කුඩා දරුවන්ගේ...
Image
පාසල යනු පාසල යනු ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම්කරන ලද ආයතනයක් වේ. බොහෝ රටවල සාමාන්‍යයෙන් අනිවාර්ය වූ විධිමත් අධ්‍යාපන පද්ධතීන් පවතී. මෙහි දී සිසුහු පාසල් මාලාවක් තුළින් ස්වකීය ප්‍රගතිය සාක්ෂාත් කරගනිති. මෙම පාසල් සඳහා විවිධ රටවල විවිධ යෙදුම් භාවිත වන නමුත් බාල දරුවන් උදෙසා ප්‍රාථමික පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ගැටවර පිරිස් වෙනුවෙන් පවතින ද්විතීයික පාසල් ප්‍රධාන වේ. උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන පොදුවේ විශ්වවිද්‍යාල යනුවෙන් හැඳින්වේ.මෙම මූලික පාසල්වලට අමතර ව සමහර රටවල සිසුහු ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට පෙර මෙන් ම පසු ව ද පවත්වනු ලබන විවිධ පාඨමාලාවන් හදාරති. ළදරුපාසල් හෝ පෙරපාසල් යනු වයස අවුරුදු 3ත් 5ත් අතර වැනි ඉතා බාල වියෙහි දැරියන් උදෙසා පවත්වන පාසල් වැඩසටහන් ය. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ව විශ්වවිද්‍යාල, පුහුණු පාසල්, උසස් විදුහල් හෝ සෙමනේරි වැනි ආයතනවල අධ්‍යාපනය ලැබිය හැකි ය. නෘත්‍ය පාඨශාලාවන් හෝ ආර්ථිකවිද්‍යා පාඨශාලාව වැනි යම්කිසි විෂය ක්ශේත්‍රයකට අයත් පාඨමාලාවන් පමණක් ලබාදෙන...