පෙර පාසල්
පෙර පාසල් අධ්‍යාපනය යනු ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර සාමාන්‍යයෙන් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යැපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සඳහා වු අධ්‍යාපන ප්‍රතිපාදනයකි. මෙය ළමා සංවර්ධන මධ්‍යස්ථාන, මොන්ටිසෝරි, ළදරු පාසල, පෙර පාසල යන නම් වලින් හදුන්වන අතර මෙය ළමයාගේ කුඩා අවදියේදී නිවසේදී දෙමපියන් හා අවටපරිසරයෙන් ලබාගන්නා දැනුමට අමතර බාහිරව ලැබියයුතු අධ්‍යාපනය හෙවත් මූලික අධ්‍යාපන අවදිය, සංසන්දනාත්මක අධ්‍යාපනය ඇතුළු සෑම අධ්‍යාපනික අවශ්‍යතවයන්ද සපුරන ආකාරයට සකස් කර ඇත.
පෙරපාසල් අධ්‍යාපන සංවිධානය වෘත්තිමය අධ්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි. මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක පරිපාලනය, පන්තියේ ප්‍රමාණය, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය,ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය, ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඇගයුම් ආශ්‍රිත ප්‍රමිතිය, අධය්‍යාපන පාටිපාටිය,අධ්‍යාපනික ඇගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ්‍යාපනිකව වැදගත්වු ප්‍රතිථල ලබාදෙන සංරචක ඇතුලත් කර ඇත.

පෙර පාසල් ඉතිහාසය
90 දශකයේ දී යුරෝපීය අධ්‍යාපනඥයන් විසින් කුඩා දරුවන්ගේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කිරීමේ දී මනුෂ්‍ය වර්ගයාගේ ඉතාමත් තීරණාත්මක සහ සීඝ්‍ර වර්ධනයක් සිදුවන අවධිය සඳහා ඉතා කාර්යක්ෂම අධ්‍යපන ක්‍රමයක් ලෙස මෙම අධ්‍යාපන ක්‍රමය හදුන්වාදි ඇත.රොබට් ඕවන් නම් අධ්‍යාපනඥයා විසින් "නිවු ලැනාක්" නම් පළමු පෙර පාසල ආරම්භ කරන ලද අතර පසුව එවන් පෙර පාසල් ගනනාවක් එංගලන්තය පුරා ආරම්භ විය.
Comments
Post a Comment