ඉතිහාසය

සිසුන් නිශ්චිත ස්ථානයකට එක්තැන් කර අධ්‍යාපනය ලබාදීම පිළිබඳ අදහස පුරාණ සම්භාව්‍ය අවධියේ සිට පැවතෙන්නකි. අඩු තරමින් පුරාණ ග්‍රීසිය, රෝමය, ඉන්දියාව සහ චීනය තුළ විධිමත් පාසල් පැවති බවට සාක්ෂි ඇත. බයිසැන්තියානු අධිරාජ්‍යය ප්‍රාථමික මට්ටමේ පටන් ඇරඹුණු ආයතනගත වූ අධ්‍යාපන පද්ධතියකට හිමිකම් කියා ඇත. Traditions and Encounters නම් මූලාශ්‍රයට අනුව ප්‍රාථමික අධ්‍යාපන පද්ධතිය ක්‍රි.ව. 425දී ස්ථාපිත කර ඇති අතර සාමාන්‍යයෙන් සොල්දාදුවකු අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සපුරා තිබිණි. අතැම් අවස්ථාවන්හි කාර්යක්ෂම වූ මෙන් ම බොහෝවිට දැවැන්ත ද වූ අධිරාජ්‍යයේ පරිපාලන ව්‍යුහය උගත් පුරවැසියන් බහුතරයක් වූ බවට සාක්ෂි දරයි. ආක්‍රමණකාරීත්වයන්ට මුහුණදීමට ගත් සිය ප්‍රයත්නයේ දී රෝමානු සංස්කෘතියේ සමෘද්ධිමත්බව මෙන් ම මහඟුබව ද බයිසැන්තියමට බොහෝසෙයින් අහිමිවුණ ද, ඔවුහු සිය යුධ අත්පොත්වල නිපුණත්වයේ වටිනාකම ඉස්මතු කර ඇත. ක්‍රි.ව. 1453දී අධිරාජ්‍යයේ බිඳවැටීම තෙක් ම බයිසැන්තියානු අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩ ව ක්‍රියාත්මක විය.මුල් මධ්‍ය අවධීන්හි දී අනාගත පූජකයන් සහ පරිපාලකයන් බිහිකිරීම අරමුණු කරගනිමින් බටහිර යුරෝපය තුළ අද දක්වා ම දැනට ඇති පැරණිත ම පාසැල් වන සහ අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබන The King's School, Canterbury, King's School, Rochester, St Peter's School, York සහ Thetford Grammar School ඇතුලු ව දියොකීසීය පාසල් (cathedral schools) සැලකිය යුතු සංඛ්‍යාවක් ආරම්භ කෙරුණි. ක්‍රි.ව. 5වැනි සියවසේ ඇරඹුමත් සමග ආගමික විෂයන් මෙන් ම ලෞකික විෂයන් ද උගැන්වුනු ආශ්‍රමික පාසැල් (monastic schools) ද යුරෝපය පුරා පිහිටුවිනි.
Comments
Post a Comment